පරිපූර්ණ ආයුර්වේද / ශාඛසාර ඖෂධයක සහ එහි න්‍යායානුගත භාවිතය රඳපවත්නා පාදක ත්‍රය වන්නේ තත්වය, සුරක්ෂිතභාවය සහ සාර්ථකත්වයයි. ඒවා පහසුවෙන් ලබාගත හැකි සුලභ, සාධාරණ මිලකට ගතහැකි ඒවා විය යුතුය. සුරක්ෂිතභාවය යනුවෙන් අදහස් වන්නේ එම ඖෂධය “සැලකිය යුතු තරමේ අහේතුක රෝගී බවකට හෝ ආබාධයක අවදානමකින් තොර විය යුතු” අතර අතුරු ආබාධ නොමැතිව පාරම්පරිකව දිගුකාලීන භාවිතයක් ඇති විෂ රහිත බවට සහතිකයක් තිබිය යුතුය. සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන වල සාර්ථකත්වය සායනික ඇගයීම් වලින් මනිනු ලැබේ. ප්‍රාථමික අමුද්‍රව්‍ය වල සිට නිමි ද්‍රව්‍ය දක්වා තත්වය අන්තර්ගත විය යුතුය. එබැවින් තත්වය ප්‍රචාරන ද්‍රව්‍ය තෝරාගැනීමේ සිට නිමි ද්‍රව්‍ය දක්වාත් එය භාවිතයට ගන්නා අවස්ථාව දක්වා තත්වය සුරක්ෂිත කරතිබිය යුතුය.
තත්වය පාලනය සඳහා අමුද්‍රව්‍ය, නිස්සාරක සහ නිමි ද්‍රව්‍ය ප්‍රමිතිකරණ පිලිවිතර වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ. සක්‍රිය පදාර්ථ වල පිලිගතහැකි මට්ටම් මගින් ප්‍රබලත්වය තහවුරු කර ගැනීම සඳහා යම් නිස්සාරකයකට ස්ථායිතාව සහ පුනර්ජන්යතාව ඇති කිරීම අවශ්‍ය වන අතර මෙම ක්‍රියාවලිය රසායනිකව, වර්ණාවලික්ෂා මගින් හෝ ජෛව විද්‍යාත්මකව සිදුකළ හැකි අතර මෙය වර්තමානයේ සංකීර්ණ, සංකූල ක්‍රියාවලියකි. තත්ව සහතික ක්‍රියාත්මක කිරීමට මාත්‍රාවේ ඒකරූපතාව තහවුරු කිරීමට, ස්ථායිතාව / කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කිරීමට, බාල හෝ මුහුන්වූ ඖෂධ සහ අපවිත්‍රකාරක සොයා බැලීමට ප්රමිතිකරණය අවශ්‍ය වේ.
ආයුර්වේද / ශාකමය ඖෂධයක පූර්ණ තත්ව පාලනය සඳහා පහත පරිචය විධි අනුගමනය කල යුතුය.
- මනා කෘෂිකාර්මික පරිචය / පුරුදු (GAP)
- මනා සංචිත කිරීමේ පුරුදු (GCP)
- මනා ආචාර විධි (GEP)
- මනා සම්ප්රාපන පුරුදු
- මනා ආරක්ෂණ විධි විධාන (GSP) [කෘමිනාශක, බර ලෝහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ] මාර්ගෝපදේශ අනුව ක්ෂුද්‍රජීවි භාරය
- මනා ගබඩා කිරීමේ විධිවිධාන (GSP)
ප්‍රමිති අනුකූල හොඳ තත්වයේ ශාකසාර නිෂ්පාදන සඳහා පිළිපැදිය යුතු අවශ්‍ය පියවර වන්නේ,
අවසාන ඵලය සඳහා තත්ව වර්ග සෑදීමට ඉන්ද්‍රියගෝචර ඇගයීම. භෞත රසායන පරීක්ෂා (අඵ පරිමාව. අම්ල පරිමාව, තෙතමන ප්‍රමාණය, සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප්‍රමාණය, බැර ලෝහ, කෘමිනාශක ශේෂ) භාරමිතික පරීක්ෂා, වර්ණලේඛ පරීක්ෂා (ඇඟිලි සලකුණු) සහ ක්ෂුද්රජීවී පරීක්ෂා (ක්ෂුද්‍රජීවි අපවිත්‍ර වීම, බැක්ටීරියා මට්ටම්, දිලීර මට්ටම්) සිදුකළ යුතුය.
මනා නිෂ්පාදන ක්‍රම යනු ඕනෑම ඖෂධ නිෂ්පාදනයකදී අවදානම අවම කිරීම සඳහා එම නිෂ්පාදන නිරන්තරයෙන්ම අදාළ තත්ව ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය සහ පාලනය සිදුකරන කාර්යමණ්ඩලයේ පුහුණු කිරීම් සහ ඔවුන්ගේ මෙහෙයුම් විය. සනීපාරක්ෂාව, කාර්ය පරිසරය, ඇසුරුම්කරණය, ගබඩා කිරීම දක්වා නිෂ්පාදනයේ සැම අංශයක් ඉන් ආවරණය වේ.
එම නිසා පසුගිය වසර කිහිපය තුළ ශාකමය ඖෂධ තත්ව පාලනය සඳහා විද්‍යාඥයන් අවංකවම ප්රයත්න දරා ඇති බව අපට පෙනී යයි. ආයුර්වේද / ශාකමය ඖෂධ වලට ගෝලීය වශයෙන් පිලිගැනීම සඳහා පහත ආරම්භක ක්‍රියාමාර්ග ගත යුතුය.
- ඉල්ලුම් සපුරාලීමට සහ වගාකරුවන් හා ඖෂධ නිෂ්පාදකයන් අතර සබඳතා ගොඩ නැගීමට ගිවිසුම් මත වගා ක්‍රමය යටතේ ඖෂධ පැළෑටි කාබනික ලෙස වගා කිරීම. (ක්ෂුද්‍ර රසායන ස්ථායිතාව තහවුරු කිරීමට)
- පහසු මිලකට හොඳ තත්වයේ ශාකමය ඖෂධ සුලභ කිරීම.
- ඖෂධ තත්ව පාලන ක්‍රම සහ මනා නිෂ්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම.
- ආයුර්වේද / ශාකමය ඖෂධ වල අපනයන හැකියාව සපුරාලීම සඳහා සහ මෙම කර්මාන්තයේ නිෂ්පාදන, අලෙවිකරණ සහ අපනයන ගැටළු හඳුනාගැනීම.
- ආයුර්වේද ඖෂධ සඳහා පර්යේෂණ සහ සංවර්ධන වර්ධනය කිරීමට කර්මාන්තකරු-විද්‍යාඥවරු-වෛද්‍ය වෘත්තික-පර්යේෂකවරු-ශ්‍රාස්ත්‍රීය ආයතන අතර මිත්‍රත්වය ඇති කිරීම.
- ආයුර්වේද/ ශාකමය ඖෂධ වල ආර්ථිකමය ශක්‍යතාව පිළිබඳ ගොවීන්, ඖෂධ නිෂ්පාදකයින්, වෙළඳ ප්‍රජාව, පර්යේෂණ ආයතන දැනුවත් බව ඇති කිරීම.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එහි නිෂ්පාදන සඳහා තත්ව පාලන වැඩසටහන් දියත් කර ඇති අතර මේ දක්වා ඖෂධ 40ක් සහ අමුද්‍රව්‍ය 100ක් සඳහා ප්රමිතීන් වැඩිදියුණු කර ඇත.