හැදින්වීම |
කාන්තා රෝගවලදී කාන්තාවන විදින ශෝකය තුරන් කරන හෙයින් අශෝක නමින් හැදින්වේ. කාන්තා රෝග වලට - විශේෂයෙන් ගර්භාෂගත රෝගවලට අශෝක බහුලව යෙදෙන හෙයින් මෙසේ හැදින්වෙන බව පෙනේ. |
රූපාකාරය |
මීටර් 6-9 පමණ උසින් යුක්ත වෘක්ෂයකි, විශාල පත්‍ර කොටස් වලට (පත්‍රිකා) බෙදී ඇත. පත්‍රිකා යුගල 4-6 කි. පත්‍ර පාදයේ සිට අග දෙසට ක්‍රමයෙන් සිහින් වන හැඩයක් මෙම පත්රිකාවනට ඇත. පත්‍රයේ නටුව කදට සවිවන් තැන දුඹුරුපාට විශාල උපපත්‍ර දෙකක් ඇති අතර මේවා පසුව හැලී යයි. මල් පොකුරුලෙස හටගනී. සුගන්ධවත් මල්වල පෙති නැත. මල්පෙතිවලට පහලින් ඇති කොටස (මණිපත්‍ර) කහ තැඹිලි හා පසුව රතු පාටින් පිහිටයි. පොකුරේ මල් පිහිටන්නේ එකම මට්ටමක වේ. ඵලට තුල බීජ 4 - 8 දක්වා පිහිටයි. |
හමුවන ස්ථාන |
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය ශාක විශේෂයක් වන මෙය නකල්ස් කඳුවැටියේ ජලාශ්‍රිත නිම්නයන්හි බහුලව හමුවේ. |
ඖෂධිය කොටස් |
පොතු, බීජ, මල්. |
ඖෂධිය ගුණ |
සෙම හා පිත සමනය කරයි. වේදනාව හා විස නසයි. ලේ පිරිසිදු කරයි. ඉදිමුම නැති කරයි. ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි, මුත්‍ර වඩවන අතර මුතර ගල් නැතිකරයි. |
වගාව |
හොදින් මේරු සජීව බීජ තෙත වැලි තවානක තබා දින 14-17 කදී ප්‍රරෝහනය කර ගත හැක. බීජ පැල අඟල් 4-6 උස්වූ කල වැලි තවානෙන් ඉවත්කර කෙලින්ම ක්ෂේත්රයේ හෝ පෝෂක පස් මිශ්‍රිත පොලිතීන් මලු වල සිටුවා මාස 3 - 6 කට පසු ක්ෂේතයේ සිටුවන්න. ගස් අතර පරතරය මීටර් 11/2 x2 පමණ තබන්න. තෙත් හා අතරමැදි කලාපයට යෝග්‍යයි. |